Friday, December 27, 2019

දිවුරා පොරොන්දු වෙමු තරු සහතික කරගෙන

තනි නොතනි දැනෙන සද
අහස හැඩ කරන තරු ආවාට
ආදරය ගැන ලියන්නට
හැකිය කවි කතා ඕසේට
ඇවිත් නවතින්නට නොහැක
හදවතේ හරිමැද හැමෝටම ...

නැවතුම් පොළවල් සියගණන් පසුකර
ආවායින් පසු
සංසාරෙ එක තැනකට
අපට හැක නවතින්න
තුරුල් කරගෙන ආදරය මෙහෙම
ඉතින් , එතැන් පසු බිදකුදු
වෙන්නොවෙන බවට
දිව්‍ රා පොරොන්දු වෙමු
තරු සහතික කරගෙන ....


ටික දවසකින් තව පුතේ නත්තලුත් ඉවරයි ආයෙමත් අපි වැටෙයි පාරට...

මටත් නත්තල් තිබුණා හුගක් ඉස්සර
එයත් ගියපසු  නොඑන්නම ඉස්සර උනා දුක් කදුලු හදවතේ සේරම
ලැබුණු නිසා කුමරෙක් උදුවප් මහේ අරගෙන සීතල
ආයෙමත් මට ලැබුනා හුස්මක් ගන්න මුවගට හිනාවක් ඉස්සර කරගෙන....

දෙවියන්ට හැකියි එකවරම සැනසීම උදුරලා ගන්න
ඒ වගේම හිතන්නවත් බැරි වේගයෙන් ආයෙමත් සතුටක් දෙන්න
අඩන්නද හිනාවෙන්නද ලතැවෙනවා ඇස් තවම
ටික දවසකින් තව පුතේ නත්තලුත් ඉවරවෙයි ආයෙමත් අපි වැටෙයි පාරට....


ඔයා මගෙ අන්තිම ආදරය වෙයි

ඇත්තමයි කියන්නෙ
මං ඔයාට හුගක් ආදරෙයි
මහ හුගක්
ඒකට උපමා නෑ
ඒක මෙච්චරයි කියල කියන්න
මට වචන නෑ
හැබැයි
මට එක දෙයක් කියන්න පුලුවන්
ඔයා මේ ලෝකෙ කොහේ හිටියත්
දවසක කාගෙ උනත්
ඔයා මැරිච්ච දවසට මං
මං මැරිච්ච දවසට ඔයා
කොහොමටවත් මේ ලෝකේ
අපට එක තප්පරයක්වත් ජීවත් වෙන්න බැරිවෙයි
ඉතින් , ඒ වෙනකං හැම තප්පරේකම
ඔයා මගේ පලවෙනි හාදුව වෙයි
ඔයා මගෙ පලවෙනි ස්පර්ශය වෙයි
ඔයා මගෙ අන්තිම ආදරය වෙයි...


Tuesday, November 19, 2019

මිතුරෙකු වගේ කෙනෙකුන් දිවියට අවැසී...

කතරට උනත් වැටෙනා විට වැහි බිංදු
සරතැස නිවෙනවා නොතලා හිත් රේණු
සදක් උනත් හැඩ ඇතිවිට තරු පොකුරු
තනිකම දැනෙන හැමවිට සිහියට නැගුණු ....

සතුටක් දැනුන රැදෙනා විට නුඹ ළගදී
රහසක් උනත් පිටවුනෙ කවුරුත් නැති විටදී
හිතට සැනසුමක් ආගිය මතක පොදී
අන්තිම දවස වෙනකං අපි ඉමු දුරස් නොවී...

නැහැ එක වගේ හැමදාමත් ලොව කැරකී
හේතු එකින් එක ගැළපෙයි වෙනස් වෙවී
හැකිනම් ඉන්න හැමදා එක වගෙ හිනැහී
මිතුරෙකු වගේ කෙනෙ
කුන් දිවියට අවැසී...


හුස්මකින් මේ හිත ගැස්සුනේකියන් නුඹමද ජීවිතේ....

තවත් මල්පෙති වැටෙනවා
සුළග නුඹ දුර ඇදෙනවා
නුඹත් මං ළග ඉන්නවා
මගෙ හිතත් මොනවද කියනවා...

මගෙ දෑත උරමත රැදෙනවා
ඇස් පියන් හෙමිහිට වැහෙනවා
මල් පවා රහසින් සුභ පතා
මුදු හාදු මල්වැහි වැස්සුවා...

හිත් පවා නැවතුනු ඒ පැයේ
අපෙ සුසුම් විතරයි ඉගි කලේ
පෙම් කතා නැවතුනු පෙර දිනේ
පෙති රටා විතරයි හිනැහුනේ...

පෙම්පාට කොහොමද ගෑවුනේ
දුර ගමන් ගියහිත නැවතුනේ
පෙර සසරෙ කොතැනද හමුවුනේ
අපෙ කතා පෙතිමත ලියවුනේ ....

තෙමුණු මල්වැහි සාගරේ
පිරුණු තැන් නොම ජීවිතේ
හුස්මකින් මේ හිත ගැස්සුනේ
කියන් නුඹමද ආදරේ ...


නිවෙන්නට මග කියනවා මට මේ දැනුත් .....

මගේ එක සින්දුවක්
නුඹට තව එක පද වැලක්
ඒත් මට ඒක දිගම දිග කතාවක්....

ගයද්දි හැගීමක්
නොපෙන්නුවට අඩනවා හදවතත්
අහිමි වීම කියන්නෙම එක්තරා විදිහකට කරුමයක්...

මගේ හඩ ඇහෙද්දි මටම
මං ආපහු යනව අතීතෙට
ගිහින් අරන් එනව
පුලුවන් නං නොවැරදීම
මගහැරුණු සමහරක් මතක...

අවුරුදු ගානක් තිස්සෙ
සීරුවට එකින් එක
ගැයුවෙ එක වේදනාවක් මම
තේරුමක් නැහැ කියපු
මගෙම සින්දු සමහරක්
නිවෙන්නට මග කියනවා මට මේ දැනුත් .....


බලාහිද සැනසීමක් මිස අයිති කරගැනීමක් නොව කිසිදාක....

සෙවනැලි පවා අදුරේදි අත්හරින
නුඹ මං ගාවින් ඉන්නං කීවාට ඉස්සර
දවස් ගෙවුනේම නිස්කාරනේ එකදෙක
නොකිව්වට නුඹ හිටියෙ හදවතට කිට්ටුම තැනක...

අහස උව හැඩ බර උනාමයි වැහි වළාකුළ
තරු හැඩ උනේම නොකිව්වට සද නිසාවෙන්ම
බොහෝ පෙම්කතා ලස්සන හැරයාමක් තිබුන නිසා බව
ලියා තිබුණා නුඹ සමරු පොතේ මුල් පිටුවේ එහෙම....

කවියක කෙළවර තිත් පේළියක් මිස තිතක් තියන්නෑ කිසිදාක
ප්‍රශ්නයක අග ප්‍රශ්නාර්ථයක් මිස තිතක් තියන්නෑ කිසිදාක
තිත් වැඩි ප්‍රශ්නාර්ථ වැඩි ජීවිතය වල හැමදාම
තිබුනෙම බලාහිද සැනසීමක් මිස අයිති කරගැනීමක් නොව කිසිදාක....