Tuesday, November 19, 2019

මිතුරෙකු වගේ කෙනෙකුන් දිවියට අවැසී...

කතරට උනත් වැටෙනා විට වැහි බිංදු
සරතැස නිවෙනවා නොතලා හිත් රේණු
සදක් උනත් හැඩ ඇතිවිට තරු පොකුරු
තනිකම දැනෙන හැමවිට සිහියට නැගුණු ....

සතුටක් දැනුන රැදෙනා විට නුඹ ළගදී
රහසක් උනත් පිටවුනෙ කවුරුත් නැති විටදී
හිතට සැනසුමක් ආගිය මතක පොදී
අන්තිම දවස වෙනකං අපි ඉමු දුරස් නොවී...

නැහැ එක වගේ හැමදාමත් ලොව කැරකී
හේතු එකින් එක ගැළපෙයි වෙනස් වෙවී
හැකිනම් ඉන්න හැමදා එක වගෙ හිනැහී
මිතුරෙකු වගේ කෙනෙ
කුන් දිවියට අවැසී...


හුස්මකින් මේ හිත ගැස්සුනේකියන් නුඹමද ජීවිතේ....

තවත් මල්පෙති වැටෙනවා
සුළග නුඹ දුර ඇදෙනවා
නුඹත් මං ළග ඉන්නවා
මගෙ හිතත් මොනවද කියනවා...

මගෙ දෑත උරමත රැදෙනවා
ඇස් පියන් හෙමිහිට වැහෙනවා
මල් පවා රහසින් සුභ පතා
මුදු හාදු මල්වැහි වැස්සුවා...

හිත් පවා නැවතුනු ඒ පැයේ
අපෙ සුසුම් විතරයි ඉගි කලේ
පෙම් කතා නැවතුනු පෙර දිනේ
පෙති රටා විතරයි හිනැහුනේ...

පෙම්පාට කොහොමද ගෑවුනේ
දුර ගමන් ගියහිත නැවතුනේ
පෙර සසරෙ කොතැනද හමුවුනේ
අපෙ කතා පෙතිමත ලියවුනේ ....

තෙමුණු මල්වැහි සාගරේ
පිරුණු තැන් නොම ජීවිතේ
හුස්මකින් මේ හිත ගැස්සුනේ
කියන් නුඹමද ආදරේ ...


නිවෙන්නට මග කියනවා මට මේ දැනුත් .....

මගේ එක සින්දුවක්
නුඹට තව එක පද වැලක්
ඒත් මට ඒක දිගම දිග කතාවක්....

ගයද්දි හැගීමක්
නොපෙන්නුවට අඩනවා හදවතත්
අහිමි වීම කියන්නෙම එක්තරා විදිහකට කරුමයක්...

මගේ හඩ ඇහෙද්දි මටම
මං ආපහු යනව අතීතෙට
ගිහින් අරන් එනව
පුලුවන් නං නොවැරදීම
මගහැරුණු සමහරක් මතක...

අවුරුදු ගානක් තිස්සෙ
සීරුවට එකින් එක
ගැයුවෙ එක වේදනාවක් මම
තේරුමක් නැහැ කියපු
මගෙම සින්දු සමහරක්
නිවෙන්නට මග කියනවා මට මේ දැනුත් .....


බලාහිද සැනසීමක් මිස අයිති කරගැනීමක් නොව කිසිදාක....

සෙවනැලි පවා අදුරේදි අත්හරින
නුඹ මං ගාවින් ඉන්නං කීවාට ඉස්සර
දවස් ගෙවුනේම නිස්කාරනේ එකදෙක
නොකිව්වට නුඹ හිටියෙ හදවතට කිට්ටුම තැනක...

අහස උව හැඩ බර උනාමයි වැහි වළාකුළ
තරු හැඩ උනේම නොකිව්වට සද නිසාවෙන්ම
බොහෝ පෙම්කතා ලස්සන හැරයාමක් තිබුන නිසා බව
ලියා තිබුණා නුඹ සමරු පොතේ මුල් පිටුවේ එහෙම....

කවියක කෙළවර තිත් පේළියක් මිස තිතක් තියන්නෑ කිසිදාක
ප්‍රශ්නයක අග ප්‍රශ්නාර්ථයක් මිස තිතක් තියන්නෑ කිසිදාක
තිත් වැඩි ප්‍රශ්නාර්ථ වැඩි ජීවිතය වල හැමදාම
තිබුනෙම බලාහිද සැනසීමක් මිස අයිති කරගැනීමක් නොව කිසිදාක....


බිදෙනවා හැදෙනවා දළ රළ වගෙ ඒවා...

ඉදහිට මතක අවුස්සපු
සැමරුම් තිබුණ ජීවිතේ පුරවපු
කාලය තමයි වැටකඩුලු බැදපු
එකකට එකක් ජීවිතේ සිද්ධි ගළපපු....

ළාමකයි තාමත් නෑ හීන මෝරලා
මහ මුහුද වගේ හිත ඇදෙනවා නුඹ සොයා
හිස්පිටු මොකටද මේ හැටි ජීවිතේ පුරවලා
යා යුතුයි දවසක ගොඩගහපු සේරම අතැරලා...

කන්දක් ළගදි හුස්මක් උව මගහැරලා
යන්නට බෑ කියයි පියවර අඩි තියලා
ගියොත් මිසක ආපහු එන්නට බැරි හින්දා
පල්ලමක් ඇති කොහේහරි එතකං ඉමු ඉවසාලා....

මන්දිර සදලු තැනුවත් හිත් උඩ තියලා.
බිදෙනවා හැදෙනවා දළ රළ වගෙ ඒවා
නොතේරුනත් මොකද සමහරක් කවි ලිව්වා
මං ළග ඕනෑවටත් වඩා තිබුණා ඉඩ තියලා...


සත්තයි මින්පසු කිසිදිනෙක අප හමුනොවනු ඇත...

මුනගැහෙන්න කලින් කුරුල්ලෙක් මාත් නිදහසේ ඉගිලුනු කිරිල්ලියක්
හීන කදු පහුකරන් යන්නට හැකිවුනා අනන්තයටත් ඉහලින්
කොහෙන් කොහොම ලැබුනත් සතුටක් හදවත කිව්ව ඒක සැනසීමක්
කාලෙකට කලින් මාත් හදවත විතරක්ම විස්වාස කරපු මහම මහ මෝඩියක්....

දැනුණු හැමතැන් වලම හෙව්වට ආදරය මහමෙරක්
හිත් පිරෙන තැන් තිබුනෙ දෑගිලි වලටත් වඩා අඩුවෙන්
නොතිබුනා නොවෙයි සතුට විතරක්ම රජ කරපු දවස්
ඊටත් වඩා වැඩියි මං නුඹ ළග ආදරේ හොයපු දවස්....

අහසකට උනත් තිබිය යුතුයි සීමාවක්
තේරෙන්න කල්ගියා දුර ඇවිත් කාලයක්
අතරමං වෙලා කොහේදෝ තැනක ආයෙමත්
මුනගැහුනු අහසට ආදරේ කරනවා කදුලු හංගං.....

අද ඉදන් දිගටම අහස විතරක් මට ඉතුරුයි
නුඹත් මාත් අතර මැද හුස්මක් විතරක් හති හලයි
ආයෙමත් කිරිල්ලියක් වගේ ඔහේ දුර ඉගිලෙයි
සත්තයි මින්මතු කිසිදිනෙක අප නැවත කොහේදිවත් මුනනොගැහෙයි.......


ඉතින් සමහර වෙලාවට වේදනාව වෙනස්කරනව මිනිස්සුන්ගෙ හැමදේම.......

හුස්ම හිරවෙන්න හිරවෙන්න තමා ජීවිතේ වටින්නෙම
දුර යන්න යන්න තමා කෙනෙක්ගෙ අගේ දැනෙන්නෙම
හැමදෙයක්ම අතැරල පැත්තකට උනාමයි පේන්නෙ හැමදේම
මුකුත් නොදන්න ගානට ඉන්න කොටයි ජීවිතේ අමාරුම.....

හයිය බව පෙන්නපු ගොඩක් හිත්‍ යට
තිබුනෙම නොකියපු කතා කවුරුත් නොදන්න
ආවොතින් දවසක් මුල ඉදන් අගට ගලපන්න
වීරයෙක් උනත් අඩයි එදාට මං බදාන....

නැතිවෙන්න දෙයක් නෑ කියල හිතද්දි තමා ජීවත් වෙන්න ලේසිම
පණ ඇරල ආදරේ කරන උනුත් මං ගැන දන්නෑ කියද්දි තමා හිත රිදෙන්නම
හැගීම් වලට අගයක් නැතිබව තනි උනාමයි දැනෙන්නෙ තමන්ගෙම ලෝකෙක
හොයල බලනව කියන්නෙත් තවත් සමාන පදයක් ආදරේ කරනවට......

අපි හැමෝම කාවහරි හොයනව ජීවිතේ පුරාවට
හරිකෙනා හම්බෙනකං ලංවෙනව එක එක්කෙනාට
හම්බෙලා කාලයක් යනව ඒක තේරුං ගන්න
ඉතින් සමහර වෙලාවට වේදනාව වෙනස්කරනව මිනිස්සුන්ගෙ හැමදේම.......

කාලය ටිකයි ආදරේ මහ ගොඩයි ඉතින් අපි නවතිමු මෙහෙම...

හැමදාම එක වගේ නැති ලෝකයක
නොවෙනස්වන එකම දෙය වෙනස්වීමය
සමහරක් හදවත් තිබුණ අහම්බෙන් මුනගැහුන
කවදාවත්ම වෙනසක් සිදු නොවී ගලා ගිය...

වේදනාව උනත් දවසක මියදෙනවා
කදුලක් උනත් දවසක වියළී යනවා
හුස්මක් උනත් දවසක අතහැර යනවා
එහෙව් ලොවක අපි අපෙ හිත් රවටනවා...

තරුවක මග දිගේ තොටියෙක් ගමනක් යනවා
රුවලක් බදන් සුළගක් අඩමින් වැළපෙනවා
සයුරක ගැඹුර ඉදහිට හිත පාරනවා
මහකදු උනත් දවසක නොකියම වැළලෙනවා...

දවසක් එයි නොවැරදීම හෙට
යන්නං කියල නිකමට හරි කියන්න වෙන
ඇත්තමයි ඒ දවසට හුස්මත් හිරවෙයි ඔන්න
කාලය ටිකයි ආදරේ මහ ගොඩයි ඉතින් අපි නවතිමු මෙහෙම...


Friday, November 15, 2019

කවුරුත් නැති උනත් අදුරන මේ වාරේනුඹ මං අදුරගමු සුසුමින් හැමවාරේ...

උස් කදු පවා දවසක දියවී යනවා
කලුගල් පවා දවසක උණු වී යනවා
නාඩපු ඇසුත් දවසක කදුලැලි හලලා
නොකියම යාවි ගමනක් තනිකම තියලා...
හැකිනම් වෙන්න හබලක් ඔරුවක නැගලා
රුවලක් ඕනෙනෑ සුළගට දොස් කියනා
පාලුව කපන පෙම් කවි පසෙකින් තබලා
පැදයමු නදිය බාධක හැර දුක් දුරලා...
දාහක් හේතු තිබුණත් හැරදා යන්න
සතුටක් දෙන්න හැකිනම් එය දී යන්න
මතකය නොමැරෙනා තරමට ළග ඉන්න
දවසක් ආවොතින් මං ගැන පවසන්න ....
භවයක් තිබුනොතින් ඊළග සංසාරේ
නැවතුම් තියෙයි ආයෙත් අපි ගියපාරේ
කවුරුත් නැති උනත් අදුරන මේ වාරේ
නුඹ මං අදුරගමු සුසුමින් හැමවාරේ...

අද ඊයෙ වෙයි හෙට අද වෙයි ඒත් මැරෙනකම්ම මං මංම විතරක්ම වෙයි....

වෙනස් නොවී නොතිබුණා නම් මොනවත්
ලෝකෙ ලස්සන වෙන්න තිබුණ මීට වඩා හැමදාමත්
නොකියා කියපු මහ හුගක් දේ නිසාම
ජීවිතේ ළග හරි පොඩියට දැනෙන්නැති නුඹට මාව.....

හැමදේම ජීවිතේ කරගන්න එපා කියපු ඔයාම
නොදැන ඉන්නැති ඔයා මගෙ මුළු ජීවිතේම බව
ටික වෙලාවයි වරදින්න යන්නෙ මිනිසුන්ට
නුඹ නිසාමයි ජීවිතේ සමහරක් පාඩං උගත්තෙ මම.....

කෙළවරක් නොතිබුණත් මොකද මේ ගමනට
තප්පරයකට හරි ලැබෙනවනං සැනසීමක් හිතට
දවසක් ආවොතින් සමරන්න සතුටක් ආවට ගියාට
මතක ඇතුවම මං ඩයල් කරනවා ඔයාගෙ නම්බරේට....

කහ ඉරි සුදු වුණා රතු පාට දම් පාට වුණා
පොද වැස්ස මහ වැස්ස වුණා
තප්පරේ පැය වුණා පැය දවස් වුණා දවස් අවුරුදු වුණා
අද ඊයෙ වෙයි හෙට අද වෙයි ඒත් මැරෙනකම්ම මං මංම විතරක් වෙයි...


නුඹ ළගත් දැන් හදවතක් තියෙන බව දැනෙනවා මට....

මේ අහස වියනක්‍ ය සොදුර නුඹට මට
සුළග ඇවිත් කියනවා පෙම් කවිත් හෙමිහිට
මං හොයපු ආදරේ ළග ජීවිතේ තියෙනකොට
සත්තකින් ඇහිදාර වැස්සුවා කදුලු කැට....

තිගැස්සෙන ගැස්මක හැඩ දන්නෙ කවුරුන්ද හිතක් මිස
තිබුණනං තිබුනෙ ආදරේ විතරමයි මං ළග
නුඹ මුනගැහෙන්නත් කාලෙකට ඉස්සර...

සද උනත් ලස්සන තරු මැද්දෙ දිලෙනකොට
රළ උනත් ලස්සන ඇවිත් වෙරළෙ හැපෙනකොට
ඇස් උනත් ලස්සන ආදරේ පිරෙනකොට
මං උනත් ලස්සන නුඹ එක්ක ඉන්නකොට...

ප්‍රේමයෙන් දැවෙනකොට පෙම්වතුන් බොහෝවිට
සදවත නුඹ ඇති නිවෙන්න මට හොදටෝම
හිස තියන් පපුව මත ඒ සද්දෙ අහනකොට
නුඹ ළගත් දැන් හදවතක් තියෙන බව දැනෙනවා මට....
 

ආදරයට නිර්වචනයක් ඕනෙද....

පිරිමි අත් ගැහැනු අත් ගැටුණු තැන ආදරය
මගුල් මුදු පැන් කෙන්ඩි තිබෙන තැන ආදරය
කසාදයට සහතිකයක් දුන්නු තැන ආදරය
ඒ මුකුත් නැති තැනක උපදින්න බැරිද ආදරය....

සමහරක් නොගැලපෙන අත් වලත් තිබුන ආදරය
හිස්තැන් තිබුණු උප්පැන්න වලත් තිබුන ආදරය
සදහටම තනිවෙච්ච හිත් ළගත් තිබුන ආදරය
හදවත වැඩියෙන් ගැහුනෙම තිබුණු තැන් වලයි ආදරය ....

රතු රෝසමල් සංකේත නෙවෙයි ආදරයට
නිල් පාට තව එක පාටක් විතරයි ආදරයට
එක වරක් නෙවෙයි සිය දහස් වාරයක් උපදින්න පුලුවන් ආදරයට
කොච්චර නෑ කිව්වත් මිනිස්සු කෑදරම අහිමි ආදරයට....

කසුන්ගෙ සිංදු සමානයි ආදරය
සන්නගෙ නවකතා සමානයි ආදරය
හදයගෙ චිත්‍රපටි සමානයි ආදරය
ශ්‍යාම්ගෙ රගපෑම සමානයි ආදරය ......