තාමත් ආසම මැණික නිල් මැණිකයි මම
යන්න කලින් කිව්වනං නිකමට හරි නුඹ
ගෙනිහින් භාරදෙනව හිත තද කරන් කොහොමහරි මම......
යන්න කලින් කිව්වනං නිකමට හරි නුඹ
ගෙනිහින් භාරදෙනව හිත තද කරන් කොහොමහරි මම......
ඔබෙන් තොර ලොවක් මට තිබුණද
කොයිතරම් නං මං නුඹට ආදරය කලාද
ඔබ වෙනුවෙන් ආත්ම කීයක් නං පෙරුම් පිරුවද
මං වෙනුවෙන් ඔබ හැමදාම ඉදී කියල මං හිතුවද....
කොයිතරම් නං මං නුඹට ආදරය කලාද
ඔබ වෙනුවෙන් ආත්ම කීයක් නං පෙරුම් පිරුවද
මං වෙනුවෙන් ඔබ හැමදාම ඉදී කියල මං හිතුවද....
මලක් උනත් හැඩ දුරින් ඉදන් සිප ගන්නකොට
ඒකයි ඉක්මන් නොවුනෙ මගේම කරගන්න මං නුඹ
එක හුස්මකින්වත් වැරදිලා හරි ඔය මුදුවත
ඉදුල් වෙයි කියල යටිහිතේ තිබ්බ බයට.....
ඒකයි ඉක්මන් නොවුනෙ මගේම කරගන්න මං නුඹ
එක හුස්මකින්වත් වැරදිලා හරි ඔය මුදුවත
ඉදුල් වෙයි කියල යටිහිතේ තිබ්බ බයට.....
සීතලම කදුලක් නවතිද්දි දෑස් අග
නුඹ තුරුලු උනේ මගේම නොවෙන මගේම හදවතකට
අයිතියක් නැති තැන්වල නැවතුනාම නිතර
සමුගැනීමටත් වඩා අසීරු උනා නුඹ නොදැන කිව් සමහරක් වචන....
නුඹ තුරුලු උනේ මගේම නොවෙන මගේම හදවතකට
අයිතියක් නැති තැන්වල නැවතුනාම නිතර
සමුගැනීමටත් වඩා අසීරු උනා නුඹ නොදැන කිව් සමහරක් වචන....
කිලුටක් උනානං මගෙ අතින් සමාවෙන්න
ඔපදාන්නයි හිටියෙ කවදහරි මං අතින් මගෙ මැණික
යන්නට කලින් තව එක සැරයක් මුවගින් මට
නොකියා ආදරේ බව සිනහවක් යන්තමට හෙලනවද.....
ඔපදාන්නයි හිටියෙ කවදහරි මං අතින් මගෙ මැණික
යන්නට කලින් තව එක සැරයක් මුවගින් මට
නොකියා ආදරේ බව සිනහවක් යන්තමට හෙලනවද.....
අසංග ගෙන් ❤
🔥❤️
ReplyDelete❤️🤗
DeleteThank you 🔥❤
Deletethank you 🔥❤
Delete